දැරියක් මරා ගේට්ටුවක් කළ හරියක්! වරද ගේටුවේද? ගේට්ටුව අයිති නිවෙස් හිමිකරුගේද? - පොලිස් විමර්ශන ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

දැරියක් මරා ගේට්ටුවක් කළ හරියක්! වරද ගේටුවේද? ගේට්ටුව අයිති නිවෙස් හිමිකරුගේද? - පොලිස් විමර්ශන ඇරඹේ

දැරියක් මරා ගේට්ටුවක් කළ හරියක්! වරද ගේටුවේද? ගේට්ටුව අයිති නිවෙස් හිමිකරුගේද? - පොලිස් විමර්ශන ඇරඹේ

තඹුත්තේගම ප්‍රදේශයේ ගුරු නිවසක ගේට්ටුවක් ඇගට කඩා වැටීමෙන් 6 හැවිරිදි දැරියක මිය යාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

 

අදාළ නිවසේ පදිංචිකරුවන්ගෙන් මේ සම්බන්ධයෙන් පොලිසිය ප්‍රකාශ ගෙන ඇති අතර මෙම ගේට්ටුව අබලන්ව තිබී ඇති බවයි වාර්තා වන්නේ.

 

කෙසේ නමුත් මෙම මාරක් ගේට්ටුව සම්බන්ධයෙන් නිවැසියන් ක්‍රියා නොකිරීම ගැන ඔවුනට චෝදනා එල්ල වනවා.

 

මේ සම්බන්ධයෙන් පොලිසිය අධිකරණ වෙත කරුණු වාර්තා කිරීමට නියමිතයි.

 

මෙම අනතුරෙන් දැරිය එම ස්ථානයේම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.මෙම ඛේදවාචකය ඊයේ දින වාර්තා වුණා.

 

ඇය සිය මව සමඟ ගුරු නිවසට ගොස් ඇති අතර එම මව හිරවී තිබූ ගේට්ටුව විවෘත කිරීමට උත්සහ ගැනීමේදී නොසිතු ලෙස ගේට්ටුව මෙම දැරියගේ හිසට වැටී තිබෙනවා.

 

දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණ සදහා තඹුත්තේගම රෝහලේ තැම්පත් කොට තිබෙනවා.

views

773 Views

Comments

arrow-up