හොරු අල්ලන්න අපිට පුළුවන් - විපක්ෂ නායක

වත්මන් ජනාධිපතිවරයාට හොරු ඇල්ලීමට නොහැකි වුවත් ඒ හැකියාව සමගි ජනබලවේගය සතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
රට බංකොලොත් වූයේ ලක්ෂ 220ක් වූ ජනතාව නිසා නොව රටේ සම්පත් දේපල සොරා කන ලද රාජපක්ෂ පාලනය නිසා බවත් හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු අල්ලන්න නොහැකි බවත් විපක්ෂනායකවරයා පැවසීය.
රට පත්ව ඇති බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට ඇති පහසුම ක්‍රමය කොමිස්වලින් අල්ලස්වලින් හා හොරා කෑ මුදල් නැවත ලබා ගැනීම බැවින් පැන්ඩෝරා පත්‍රිකාවල සදහන් ඩොලර් කෝටි ගණනක මුදල නැවත ලබා ගත යුතු බවත් තිස්සමහාරාම මෝධි ගම්මානයේ පැවැති ජනහමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේය.
රටට අවශ්‍ය වී ඇත්තේ එම මුදල් ලබා ගැනීම වුවත් හොරුන්ගෙන් පත්වූ ජනාධිපතිවරයාගේ පදනම වී ඇත්තේ රට විනාශ කළ හොරා කෑ රාජපක්ෂ පරපුර සහ ඔවුන්ගේ හිතවාදී මන්ත්‍රීවරුන් ආරක්ෂා කිරීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
250 Views
Comments