අවදානම් ස්ථාන වල ඉදිකිරීම් සම්බන්ධයෙන් නව නීති
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

අවදානම් ස්ථාන වල ඉදිකිරීම් සම්බන්ධයෙන් නව නීති

අවදානම් ස්ථාන වල ඉදිකිරීම් සම්බන්ධයෙන් නව නීති

නුවරඑළියේ පමණක් නොව අනෙකුත් අවදානම් ස්ථානවල ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී නව නීති ගෙන එන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 

 

ඒ සඳහා නව පනතක් ගෙන ඒමට කෙටුම්පතක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල නිලධාරීන්ට දැනුම් දුන් බව අමාත්‍යවරයා සඳහන් කොට තිබේ.

 

 

ඒ අනුව හෙට සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 කට වැඩි නව ගොඩනැගිලි ඉදි කිරීම සීමා කරමින් නාගරික සංවර්ධන අධිකාරිය පනතේ විධි විධාන අනුව රෙගුලාසි පැනවීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කර ඇත.

views

298 Views

Comments

arrow-up