සාගල වෙන්න ගිහින් වැඩ අනාගත් පොළොන්නරුව පොලිසියේ රාළහාමි

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගත්, පොළොන්නරුව පොලිසියට අනුයුක්තව සේවය කරන 55 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකු මැයි මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී හෙළි වූ කරුණු මත මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා පොලිස් නිලධාරීන් 14 දෙනෙකු විවිධ පොලිස් ස්ථාන වලට මාරු කර යවන ලෙස දන්වමින් ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් යොමුකළ බවට හැඟවෙන ලිපියක් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බව හෙළිව තිබේ.
එම ලිපිය සම්බන්ධයෙන් සැක සිතූ උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි සත්‍යයතාව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසීමක් සිදුකර තිබෙන අතර, එවැනි ලිපියක් සාගල රත්නායක මහතා විසින් යොමුකර නොමැති බවට හෙළිවීමෙන් පසු මේ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.
සැකකරු අත් අඩංගුවට ගනු ලැබූයේ ඒ අනුව සිදු කරන ලද විමර්ශනයක් මත වන අතර, සිද්ධිය පිළිබඳ දීර්ඝ වශයෙන් පරීක්ෂණ සිදු කෙරෙන බව පොලිසිය සඳහන් කොට සිටී.
292 Views
Comments