හොර සල්ලි වලින් අධිවේගයේ බිල ගෙවන්න ගිහින් කඩවතදී මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

හොර සල්ලි වලින් අධිවේගයේ බිල ගෙවන්න ගිහින් කඩවතදී මාට්ටු

හොර සල්ලි වලින් අධිවේගයේ බිල ගෙවන්න ගිහින් කඩවතදී මාට්ටු

ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටුවක් ලබාදී අධිවේගී මාර්ග ගාස්තු ගෙවීමට උත්සාහ කළ පුද්ගලයෙකු අධිවේගී මාර්ග රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

 

අද (16) උදෑසන මෙම පුද්ගලයා අධිවේගී මාර්ගයේ කඩවත පිටවීමේ දොරටුව අසලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටී.

 

මෙම සැකකරු හපුතලේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන අයෙක් බව වාර්තා වේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (17) දින මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

views

315 Views

Comments

arrow-up