මියන්මාරයේ අතරමං වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් බේරා දෙන ලෙස ඉල්ලයි

මියන්මාරයේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යළිත් මෙරටට ගෙන්වා ගැනීමට සහය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව මියන්මාර රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.
පසුගියදා එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී මෙරට මියන්මාර තානාපති ජනක බණ්ඩාර මහතා මියන්මාර විදේශ අමාත්‍ය යූ තාන් ස්වේ හමුවූ අවස්ථාවේ මෙම ඉල්ලීම සිදු කර තිබෙන බව සඳහන් වේ.
මිනිස් ජාවාරමට ගොදුරු වූ පිරිසක් මෙලෙස මියන්මාරයේ සිරව ඇති බව හෙළි වී තිබේ.
මේ සම්බන්ධයෙන් වහා මැදිහත් වී මියන්මාර බලධාරීන් හරහා විපතට පත් වූවන් මුදා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස තානාපතිවරයා මියන්මාර විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
282 Views
Comments