අස්වැන්න අඩු වෙන්න හේතුව කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනය හෙළි කරයි

රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් 2021 මහ කන්නයේ අක්කරයකට ලබාගත් වී අස්වැන්න 53% කින් අඩු වී ඇති බව සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය කියා සිටී.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය රසායනික පොහොර තහනම සමග වගාවට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකදී මෙය අනාවරණය වී තිබේ.
රසායනික පොහොර තහනම හේතුවෙන් අර්තාපල් සහ ලොකු ලූනු අස්වැන්න 52% කින් අඩු වූ අතර, බඩ ඉරිඟු අස්වැන්න 68% කින් අඩු වී තිබෙන බව බවත්, මිරිස් අස්වැන්න 43% කින් පහත වැටී ඇති බවත් මෙම සමීක්ෂණය මගින් පෙන්වාදෙයි.
එමෙන්ම 2021 මහකන්නයේදී රසායනික පොහොර තහනම හේතුවෙන් එළවළු වගාව 57% කින් බිඳ වැටුණු අතර මල් වගාකරුවන් ගෙන් 86% ක් පමණ එම වගා වලින් ඉවත් වී ඇති බවද සඳහන් වේ.
234 Views
Comments