වසන්තගේ නිදහස ගැන තීරණය අප්‍රේල් 03 වැනිදාට කල් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

වසන්තගේ නිදහස ගැන තීරණය අප්‍රේල් 03 වැනිදාට කල් යයි

වසන්තගේ නිදහස ගැන තීරණය අප්‍රේල් 03 වැනිදාට කල් යයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය අද (27) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, අප්‍රේල් මස 03 වැනිදා එය යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කරන ලද බව වාර්තා වේ.

 

එහිදී, මහාධිකරණ රෙජිස්ටාර්වරයා දැනුම් දී ඇත්තේ මහාධිකරණ විනිසුරුවරයා අද දින නිවාඩු ලබා සිටින හෙයින් අදාල පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 03 වන දා කැඳවන බවයි.

 

වගඋත්තරකාර වසන්ත මුදලිගේද අද පෙත්සම කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි බව සඳහන් වේ.

views

231 Views

Comments

arrow-up