ඉදිරිය ගැන වෘත්තීය සංගම් වල අන්තිම තීරණය අද
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

ඉදිරිය ගැන වෘත්තීය සංගම් වල අන්තිම තීරණය අද

ඉදිරිය ගැන වෘත්තීය සංගම් වල අන්තිම තීරණය අද

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් අද (03) රැස්වීමට නියමිත බව වාර්තා වේ.

 

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ ඒ සඳහා ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ද එක්වීමට නියමිත බවයි.

 

මේ අතර නව බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බව ද වාර්තා වේ.

views

233 Views

Comments

arrow-up