පියා අතින් අතහැරීම නිසා වලවේ ගඟේ දිය නාමින් සිටි කුඩා දරුවෙක් මරු තුරුලට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

පියා අතින් අතහැරීම නිසා වලවේ ගඟේ දිය නාමින් සිටි කුඩා දරුවෙක් මරු තුරුලට

පියා අතින් අතහැරීම නිසා වලවේ ගඟේ දිය නාමින් සිටි කුඩා දරුවෙක් මරු තුරුලට

සෙවනගල පොලිස් වසමේ වලවේ ගඟේ දිය නෑමට ගිය දරුවෙක් දියේ ගිලී ඊයේ (09) දහවල් මිය ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කර සිටී.

 

පියෙක් සිය දරුවන් දෙදෙනා සමග ඊයේ දහවල් වලවේ ගඟේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදී මෙම දරුවා දියේ ගිලී අනතුරට පත්වීමෙන් පසුව සෙවනගල රෝහල වෙත ඇතුලත් කිරීමේදී මිය ගොස් සිටි බව පොලිසිය සඳහන් කර සිටී.

 

මොවුන් තිදෙනා හබරත්තාවල ප්‍රදේශයෙන් ගලා බසිනා වලවේ ගඟේ තොටුපලේ දියනාමින් සිටියදී, පියා විසින් සිය බාල දරුවා නහවා ගොඩින් තබා ඇති අතර අනතුරුව දොළොස් හැවිරිදි වැඩිමල් දරුවා නහවමින් සිටින අතරතුර පියාට දරුවාගේ අත අත හැරී දරුවා දියේ ගසාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

මියගිය දරුවාගේ මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇඹිලිපිටිය රෝහල වෙත යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
 

views

241 Views

Comments

arrow-up