කළු කඩ මිලට බිත්තර විකුණන අය සොයා මෙහෙයුම් දිගටම

වැඩි මිලට බිත්තර අලෙවි කරන්නන් සොයා සිදුකරන වැටලීම් නතර කර නොමැති බවත්, එය අවුරුද්දෙන් පසුව ද සිදුකරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා සිටී.
පසුගිය කාලසීමාව තුළ සිදුකළ වැටලීම් වලදී වැඩි මිලට බිත්තර අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන 700 කට වැඩි ප්‍රමාණයකට නඩු පැවරීමට කටයුතු කර තිබූ බව එම අධිකාරිය වැඩිදුරටත් පවසා සිටී.
එමෙන්ම වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බිත්තර තොග එම අවස්ථාවේදීම රජයේ පාලන මිලට අලෙවි කිරීමට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
297 Views
Comments