උණුසුම් කාලගුණ තත්වය ගැන විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

උණුසුම් කාලගුණ තත්වය ගැන විශේෂ නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්වය ගැන විශේෂ නිවේදනයක්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

 

එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ නැගෙනහිර, උතුරු මැද, වයඹ පළාත්වලින් කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා හෙට (17) දිනයේ මෙම අවවාදාත්මක නිවේදනය බල පැවැත්වෙන බවයි.

 

එම නිවේදනය මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ එම ප්‍රදේශවල ජනතාවට උණුසුම පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.

 

අදාළ ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය" යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

views

344 Views

Comments

arrow-up