වැසිකිළි වලකට ඇද වැටීමෙන් දිඹුලාගලදී වන අලියෙක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

වැසිකිළි වලකට ඇද වැටීමෙන් දිඹුලාගලදී වන අලියෙක් මිය යයි

වැසිකිළි වලකට ඇද වැටීමෙන් දිඹුලාගලදී වන අලියෙක් මිය යයි

දිඹුලාගල, මගුල්දමන ප්‍රදේශයේ දී වන අලියෙකු පෙර පාසලකට අයත් වැසිකිළි වළකට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ. මෙලෙස මියගිය වන අලියාගේ සිරුර අද (16) ප්‍රදේශවාසීන්ට හමුවී ඇති බව වනජීවී නිලධාරීන් සදහන් කර සිටී.

 

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි හොඳින් වැඩුණු වන අලියකු බවත්, මෙම සත්වයා මීට දින හතරකට පමණ ඉහත මියගොස් ඇති බවත්, වෙහෙරගල අඩවි ආරක්ෂක ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟු ආරච්චි මහතාගේ සහභාගිත්වයෙන් මෙම සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලදී.

views

295 Views

Comments

arrow-up