ඕස්ට්‍රේලියාවේදී කාර්මික දෝෂයකට ලක්වූ ශ්‍රී ලංකන් ගුවන් යානය යළි දිවයිනට

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර දී කාර්මික දෝෂයකට ලක්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ. එල්. -605 දරණ ගුවන් යානය හෙට (17) දිනයේ උදෑසන වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පවසා සිටී.
මෙම යානය ඊයේ (15) රාත්‍රියේදී කටුනායක ගුවන් තොටුපොළින් මෙල්බර්න් බලා පියාසර කර තිබේ.
මේ වන විට මෙම ගුවන් යානයේ ඉංජිනේරුවන් 06 දෙනා යානය යථා තත්ත්වයට පත් කර ඇති බව වාර්තා වන අතර, ඒ අනුව ගුවන් යානය ශ්‍රී ලාංකික ගුවන් මගීන් 300 ක්ද රැගෙන හෙට අලුයම 12.30 ට එරටින් පිටත් වන බව සඳහන් වේ.
එය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ උදෑසන 9.30 ට බව සඳහන් වේ.
269 Views
Comments