"රිලවුන් චීනයට යවන තෙක් සටන අත නොහරිමි" - අමරවීර

මෙරට රිලවුන් චීනයට යැවීම සම්බන්ධයෙන් ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඉදිරි සතියේ දී එම කැබිනට් පත්‍රිකාව අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේය.
එම කමිටුව මගින් රිලවුන් රට යැවීම සුදුසු බව යෝජනා කල හොත් ඉල්ලන සතුන් ප්‍රමාණය චීනයට යැවීමට ද, නුසුදුසු යයි යෝජනා කළොත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටද නියමිත බව ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.
මේ හැර, රිලා ගහනය අඩු කර ගැනීම සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කරන්නැයි තමා විසින් කරන ලද ඉල්ලීමට මෙතෙක් කිසිම ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේය.
297 Views
Comments