ඕ.ටී.පී. වංචාවකට අහු උනාද? පැමිණිලි කරන විදිහ මෙන්න

ජනතාව විසින් සිදු කරන මූල්‍ය ගනුදෙනු වලදී තම රහස්‍ය අංක (ඕටීපී) සොරාගැනීමෙන් යම් මූල්‍ය වංචාවකට ගොදුරු වී ඇත්නම්, ඒ පිළිබඳව වහාම ළඟම පොලිසියට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දී සිටී.
එසේම එවැනි වංචා සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව ද ළඟම පොලිසියට හෝ මූල්‍ය බුද්ධි ඒකකයට පැමිණිලි කරන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
වැඩ කරන දිනවල කාර්යාල වේලාවන්වලදී එනම් පෙ.ව 8.00 සිට ප.ව 4.15 දක්වා 011-2477125 සහ 011-2477509 යන දුරකථන අංක ඇමතීමෙන් ද මේ ගැන මූල්‍ය බුද්ධි ඒකකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
එසේම, සාක්ෂි වශයෙන් මුදල් තැන්පත් කළ හෝ තැන්පත් කිරීමට පවසන ලද ගිණුම් අංකය, ගිණුම් හිමියාගේ නම, මුදල් තැන්පත් කළ බැංකුව, තොරතුරු ලද ජංගම දුරකථන අංකය සහ අදාළ පණිවුඩ වල ස්ක්‍රීන් ෂොට් යනාදී තොරතුරු 076 5200 290 (වට්ස් ඇප්) යන දුරකථන අංකයට යොමු කරන ලෙස ද මහ බැංකුව ඉල්ලා සිටී.
375 Views
Comments