ධනීෂ් අලී මහේස්ත්‍රාත් අධිකරණයට

පසුගිය 26 වනදා අත්අඩංගුවට ගත් ධනීෂ් අලී අද (01) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියට රැගෙනවිත් තිබුණා.
ඔහු විදෙස්ගත වීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් අතර, ජාතික රූපවාහිනියට ඇතුළු වී ප්‍රචණ්ඩකාරිත්ව හැසිරෙමින් එහි විකාශන කටයුතුවලට බාධා කිරීම ඇතුළුව තවත් චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව ගොනුකර ඇත.
31 හැවිරිදි කුරුණෑගල- වෑබඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු පසුගිය 28 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විට, කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබුණේ මේ මස 5 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
අද (01) මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇත්තේ අගෝස්තු මස 15 වනදා තෙක් ධනීෂ් අලී රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
235 Views
Comments