JUN
24
පාංශු උණ සම්බන්ධයෙන් නව හෙළිදරව්වක්

හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී ගුණරත්න පවසන්නේ ගොවීන් අතර මේ දිනවල පැතිර යන පාංශු උණ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දැනුවත්වී නැති බවයි.
පසෙන් හා ජලයෙන් මෙම රෝගය පැතිර යන බවට සෞඛ්‍ය අංශ දන්වා ඇති බව ඔහු පැවසුවේය.
ඔහු සඳහන් කළේ පැතිර යන බව පැවසෙන මෙම රෝගය සම්බන්ධයෙන් ගොවිජනතාව විශේෂ අවදානයක් යොමු කළ යුතු බවයි.
සෞඛ්‍ය අංශ සඳහන් කළේ මෙම රෝගය පාදයේ පවතින තුවාල මගින්, අපිරිසිදු ජලය පානය කිරීමෙන් සහ ආඝ්‍රාණය මගින් බැක්ටීරියාවක් ශරීරගත වී වැළදෙන බවයි.
329 Views
Comments