කටුනායක ඉංජිනේරු තාක්ෂණ විද්‍යාලයේ සිසුන් සජිත් හමු වී ඉල්ලූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

කටුනායක ඉංජිනේරු තාක්ෂණ විද්‍යාලයේ සිසුන් සජිත් හමු වී ඉල්ලූ දේ

කටුනායක ඉංජිනේරු තාක්ෂණ විද්‍යාලයේ සිසුන් සජිත් හමු වී ඉල්ලූ දේ

කටුනායක ඉංජිනේරු තාක්ෂණ විද්‍යාලයේ සිසුන් ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඇත.

 

 

ඒ සිය පාඨමාලා සඳහා රුපියල් දෙලක්ෂ විසිපන්දහසක මුදලක් අය කරගැනීම හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සඳහන් කරමිනි.

 

 

මීට ප්‍රථම ඒ පාඨමාලාව හැදෑරීම වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකළ බවත් 2023 සිට ඒ පාඨමාලාව සඳහා තේරී පත් වන සිසුන්ගෙන් රු. 225000 ක මුදලක් අයකෙරෙන බවත් සිසුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

 

 

එහිදී විපක්ෂ නායකවරයා දුරකථන ඇමතුමක් හරහා විෂය භාර අමාත්‍යවරයා සම්බන්ධ කරගනිමින් එම ගැටළුව ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලා ඇත.

views

257 Views

Comments

arrow-up