වයස 15ට වැඩි ළමුන් අතර ඒඩ්ස් පැතිරීම ඉහළට - ඔන්ලයින් අධ්‍යාපනය හේතු වී ඇති බවට සැකයක්

තරුණ පිරිස් අතර ඒඩ්ස් වෛරස ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසයි.
වෛද්‍යවරිය පැවසුවේ, අවුරුදු 15ත් 30ත් අතර නව ආසාදිතයින් 53 දෙනෙකු මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති බවය.
ඒ සම්බන්ධයෙන් තොරතුරු පැහැදිලි කළ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය,
“තරුණ පරම්පරාව අතර එඩ්ස් ආසාදිතයින් වැඩිවීමක් දක්නට ලැබෙනවා. 2021 දී තරුණ ළමයි, ඒ කියන්නේ අවුරුදු 15ත් 30ත් අතර අයගේ 25ක් හිටියා. මේ අවුරුද්දේ 53ක් ඉන්නවා තරුණ ළමයි. මේ තරුණ ළමයින්ගේ මේ එඩ්ස් වැඩිවීමට ගොඩක්ම බලපාලා තියෙන්නේ කියලා අපි හිතන්නේ මේ ළමයි ගොඩක්ම Online හරහා ඉගෙන ගන්න ගිහිල්ලා එවත් එක්ක නොයෙකුත් ලිංගික සම්බන්ධ විඩියෝ බලලා ලිංගික උත්තේජනය ඇති වෙලා කියලා. තරුණ ළමයි කිව්වට තරුණ පිරිමි ළමයි තමයි වැඩි. 2022 දී තරුණ පිරිමි ළමයි 30ක් HIV පොසිටිව් වෙලා තියෙනවා. පළමු කාර්තු දෙකේ ජූනි වෙනකන්. වැඩියෙන්ම තියෙන්නේ කොළඹ, ගම්පහ, නුවර වගේ දිස්ත්‍රික්කවල.”
193 Views
Comments