යාපනයේ සිසු සිසුවියන් 700කට අධික සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට

පසුගියදා (12) යාපනයේ පාසල් ගණනාවක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 700කට අධික සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණියහ.
පැමිණි සිසුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහජනසේවා අංශයේ නිලධාරින් විසින් පාර්ලිමේන්තුවේ නැරඹුම් චාරිකාවක් සංවිධානය කර තිබුණි.
මෙහිදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන දුෂ්මන්ත මිත්‍රපාල, රවුෆ් හකීම්, එරාන් වික්‍රමරත්න, උද්දික ප්‍රේමරත්න මෙන්ම පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවීමට සිසුන්ට අවස්ථාව හිමි වුණි.
වඩමාරාච්චි කාන්තා මධ්‍ය විද්‍යාලය, තොන්ඩෛමානාරු වීරකත්තිපිලෛයාර් මහා විද්‍යාලය, වල්වෛ කාන්තා මහා විද්‍යලය, නෙල්ලියඩි මහා විද්‍යාලය, පොලිකන්ඩි හින්දු දෙමළ මිශ්‍ර පාසල, උඩුපිට්ටි කාන්තා විද්‍යාලය, විග්නේෂ්වරා විද්‍යාලය, කරවෙට්, වේලායුදම් මහා විද්‍යාලය, වඩමාරාච්චි හින්දු කාන්තා විද්‍යාලය, මෙඩිරිස්තා කාන්තා විද්‍යාලය, කොට්ට්රාවත්තෛ විදුහල යන පාසල් නියෝජනය කරමින් සිසු සිසුවියන් 700ක් පමණ මෙලෙස පාර්ලිමේන්තු චාරිකාවට එක්ව සිටියහ.
පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටදී සමූහ ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාවද මෙහිදී සිසුන්ට හිමි වුණි.
243 Views
Comments