බදු වංචා කරමින් ගෙනා චොකලට් තොගයක් පිටකොටුවෙන් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

බදු වංචා කරමින් ගෙනා චොකලට් තොගයක් පිටකොටුවෙන් අල්ලයි

බදු වංචා කරමින් ගෙනා චොකලට් තොගයක් පිටකොටුවෙන් අල්ලයි

සෞඛ්‍ය ආරක්ෂිත නොවන සහ බදු වංචා කරමින් ආනයනික ටොෆී, චොකලට් ඇතුළු රසකැවිලි අලෙවි කළ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැල් කිහිපයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලනු ලැබීය.

 

 

ඒ කල් ඉකුත්වීමේ දින නොමැතිව සහ කල් ඉකුත්වීමේ දින වෙනස් කර කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැල් කිහිපයක ආනයනික රසකැවිලි අලෙවි කරන බවට ලද තොරතුරක් අනුවය.

 

 

මෙහිදී රුපියල් ලක්ෂ 5 කට වැඩි වටිනාකමක් සහිත ආනයනික ටොෆී, චොකලට් ඇතුළු රසකැවිලි තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

මෙම වැටලීමෙන් පසුව වෙළෙඳසැල් කිහිපයකට නඩු පැවරීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇති අතර මෙම වැටලීම් සහ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවද ඔවුන් දැනුම් දී ඇත.

views

284 Views

Comments

arrow-up