මහවැලි ආරක්ෂක අංශයේ සේවකයෙක් පොළොන්නරුවේදී දියේ ගිලී මරුට

පොළොන්නරුව එකේ ඇලේ දිය නෑමට ගිය මහවැලි ආරක්ෂක අංශයේ සේවයේ නියුතු 46 හැවිරිදි පුද්ගලයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.
ඔහු ඊයේ රාත්‍රී 7.30 ට පමණ යහලුවන් පිරිසක් සමග පරාක්‍රම සමුද්‍රයෙන් ජලය රැගෙන යන එකේ ඇලේ ගල්තඹරාව ප්‍රදේශයෙන් දිය නෑමට ගොස් සිටියදී අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ රාත්‍රියේදීම ක්‍රියාත්මක වූ පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව ප්‍රධාන දොරටුව වසා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අතුරුදහන්ව සිටි පුද්ගලයාගේ සිරුර අලුයම එකට පමණ සොයාගෙන තිබේ.
ඔහුගේ මෘත ශරීරය පොළොන්නරුව රෝහලට යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
260 Views
Comments