APR
06
ධනුෂ්ක ගුණතිලකට පුංචි සහනයක්

නැගෙනහිර සිඩ්නි නගරයේ රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත්කොට තිබෙන බව වාර්තා වේ.
සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව යළි කැඳවු අවස්ථාවේදී මෙම තීරණය ලබා දී තිබෙන අතර, ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අප්‍රේල් 27 වනදා යළි කැඳවීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.
226 Views
Comments