තෙල් බෙදීමට බාධා කරන අය අත්අඩංගුවට ගන්න නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

තෙල් බෙදීමට බාධා කරන අය අත්අඩංගුවට ගන්න නියෝගයක්

තෙල් බෙදීමට බාධා කරන අය අත්අඩංගුවට ගන්න නියෝගයක්

කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ කටයුතුවලට බාධා වන අයුරින් හෝ රාජ්‍ය දේපලවලට හානි සිදුවන අයුරින් කටයුතු කරන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවට වැල්ලම්පිටිය පොලිසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

 

ඛනිජ තෙල් නිෂ්පාදනය, ඉන්ධන සැපයීම හා බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කර ඇති බැවින්, එම කටයුතු අඩාල වන ආකාරයට වෘත්තීය සමිති ක්‍රියාකාරීන් විසින් සිදුකරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවද වාර්තා වේ.

 

ඊයේ දිනයේදී ඉන්ධන ප්‍රවාහනය ප්‍රමාද වූ බවට සඳහන් කරමින් තෙල් සංස්ථාවේ ආරක්ෂක අංශය විසින් පැමිණිල්ලක් කර ඇති බවත්, තෙල් සංස්ථාවට ආරක්ෂාව සලසා දෙන ලෙස එහි සභාපතිවරයා ද ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා තිබේ.
 

views

221 Views

Comments

arrow-up