මාරවිලදී සිදු වූ බරපතල අනතුරකින් පුද්ගලයෙක් මරු දකී

හලාවත- කොළඹ මාර්ගයේ, මාරවිල හොරගොල්ල ප්‍රදේශයේදී අද (02) පෙරවරුවේ ත්‍රිරෝද රථයක් සහ බට්ටා ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ සම්පත් කැලුම් ඒකනායක නැමැති හතළිස් හැවිරිදි ත්‍රිරෝද රථය පදවාගෙන පැමිණි පුද්ගලයා බව පොලිසිය ප්‍රකාශ කර සිටී.
ඔහු සීදූව අම්බලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, පුත්තලම ප්‍රදේශයේ තිබූ දානමය පිංකමට සහභාගි වී ආපසු යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව සදහන් වේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ මව, බිරිඳ සහ දරුවන් දෙදෙනා ද ත්‍රීරෝද රථය තුළ සිට ඇති අතර, දරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.
201 Views
Comments