කටුනායක ගුවන්තොටුපොළට ව්‍යාජ ඇමතුමක් දුන් පාසල් සිසුවෙකුට තරයේ අවවාද

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවන පර්යන්තයට බෝම්බ තර්ජනයක් සම්බන්ධයෙන් ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබා දුන් 14 හැවිරිදි පාසල් සිසුවෙකු ගුවන්තොටුපළ පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
නිලධාරීන් එම පර්යන්තය පරීක්ෂා කරන විට සිසුවා විනාඩි කිහිපයකින් නැවත ඇමතුමක් ලබා දී බෝම්බ තර්ජනයක් නොමැති බවත් එය විහිළුවක් බවත් දන්වා තිබේ.
අනතුරුව සිසුවා කළුබෝවිල පොලිසිය විසින් කැඳවා ප්‍රශ්න කර ඇති අතර තම ක්‍රියාවේ බරපතලකම තමා නොදන්නා බව පොලිසියට පාපොච්චාරණය කිරීමෙන් පසු ඔහුට දැඩි ලෙස අවවාද කර නිදහස් කර ඇත.
248 Views
Comments