වැඩවර්ජන නතර නොකළොත් ගන්නා දැඩි පියවර ගැන රජය හෙළි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

වැඩවර්ජන නතර නොකළොත් ගන්නා දැඩි පියවර ගැන රජය හෙළි කරයි

වැඩවර්ජන නතර නොකළොත් ගන්නා දැඩි පියවර ගැන රජය හෙළි කරයි

රට තුළ අත්‍යවශ්‍ය සේවා අඩපණ වන ලෙස පවත්වා ගෙන යන වැඩවර්ජන තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් එම සේවාවන් පවත්වා ගෙන යාම සඳහා විදේශීය සමාගම් කැඳවීමට සිදු වන බව රජය විසින් දැනුම් දී ඇත. 

 

 

ඒ අනුව වරාය සේවාවන් වැඩවර්ජනය තවදුරටත් පවත්වා ගෙන යන්නේ නම් ඒ වෙනුවෙන් දකුණු ආසියාවේ ප්‍රබලම වරාය මෙහෙයුම් සමාගමක් මෙරටට කැඳවීමට සාකච්ඡා මේ වනවිටත් සිදු කොට ඇති බවද වාර්තා වේ.

 

 

අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩවර්ජන හේතුවෙන් ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීමට මෙම ක්‍රියාමාර්ග ගන්නා බවත් එලෙස විදෙස් සේවාවන් කැඳවන්නේ නම් ඔවුන්ට හමුදා ආරක්ෂාව යටතේ සේවය කිරීමට අවකාශය සලසන බවත් රජය විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

views

241 Views

Comments

arrow-up