වී වලට වෙන් කළ කාබනික පොහොර සහනාධාරය තේ සහ එළවළු වලටත් හිමි වෙයි

රජය වී ගොවීන්ට ලබා දුන් කාබනික පොහොර සහනාධාරය තේ හා එළවළු වගාව ප්‍රවර්ධනය සඳහා යෙදවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරන වී ගොවි සංවිධාන නියෝජිතයන් පළ කළ අදහස් අනුව මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.
ඔහු මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී.
පසුගිය කාලයේ කොම්පෝස්ට් පොහොර යැයි කියමින් තමන්ට දුන්නේ වැව් වලින් කපා ගත් පස් හා දහයියා බවත්, ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර හා කොම්පෝස්ට් පොහොර තමන්ට අවශ්‍ය නොවන බවත් ගොවීන් කියා සිටි බව අමාත්‍යාංශය පවසයි.
2022/ 23 මහ කන්නයේ දී කාබනික පොහොර සහනාධාරය සඳහා රජය රුපියල් මිලියන 16,000ක් වෙන් කළ අතර ඒ යටතේ කුඹුරු හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටෙයාර් දෙකක් සඳහා රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දුනි.
මේ සඳහා මෙවර මහ කන්නයේ මෙතෙක් වැය කර ඇති මුදල රුපියල් මිලියන 10,000කි.
ඒ අනුව අදාල සහනාධාර 2023 මහ කන්නයේ සිට තේ හා එළවළු වගාවට යොදවන්නැයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
225 Views
Comments