රාමසාන් උපවාස සමයේ මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට විශේෂ පහසුකම්

2023 රාමලාන් (රාමසාන්) කාලසීමාව තුළදී මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික වතාවත්වල නිරත විය හැකිවන පරිදි විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි.
ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ (04/2023) සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත නිකුත් කර තිබෙන අතර ඒ අනුව සියලුම මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට ආගමික වතාවත්වල යෙදීයමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දිය යුතු බව එහි සඳහන් වේ.
මීට අමතරව නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කිරීමටද මෙම චක්‍රලේඛයට අනුව සිදු කළ හැකිය.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා වැඩිදුරටත් පැවසුවේ රාමලාන් (රාමසාන්) අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ලබා දීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි.
2023 රාමලාන් (රාමසාන්) සමය 2023 මාර්තු 23 දින ආරම්භ වී අප්‍රේල් 21 වන දින අවසන් වීමට නියමිතයි.
222 Views
Comments