MAR
19
බූරු මූණා විසින් සැඟවූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

පාතාල වෙඩික්කරුවකු වන අත්අඩංගුවට ගත් රවිඳුවර්ණ රංගන හෙවත් බූරු මූණා රඳවා ගෙන ප්‍රශ්න කිරීමේදී, අපරාධ සඳහා යොදා ගැනීමට හංවැල්ල ප්‍රදේශයේ සඟවා තිබූ සී ෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662 ක් සොයාගෙන ඇති අතර, මීට පෙර ඔහු විසින් ඝාතන සඳහා යොදා ගත් ගිනිඅවිය සහ යතුරු පැදිය ද මෙම ප්‍රදේශයේ තිබී සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
ඒ ආසන්නයේ ස්ථානයක තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ද හමු වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටී.
203 Views
Comments