සති දෙකකට වඩා කැස්ස තිබේ නම් ප්‍රවේශම් වන ලෙස විශේෂ දැනුම් දීමක්

සති දෙකක පමණ කාලයක් කැස්ස රෝග තත්ත්වයෙන් පෙළෙන සියලු පුද්ගලයින් ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර සිටී. මේ අනුව, වෛද්‍යවරයෙකු හමු වී ඊට අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගන්නා ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්ද දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අතර නිවාස ආශ්‍රිත පරිසර පද්ධතිවලින් සියයට 20ක පමණ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින ඔහු වැඩිදුරටත් අනාවරණය කරයි.
මේ හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝ වීම වැළැක්වීම සඳහා පරිශ්‍ර පිරිසිදුව පවත්වා ගෙන යා යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටී.
270 Views
Comments