MAR
19
දිවයිනේ වායු ගුණත්වය තරමක් යහපත් වෙයි

ඇමරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව මෙරට ප්‍රධාන නගර කිහිපයක පසුගිය සතියේ පැවති තරමක් අයහපත් වායු ගුණත්වය මේ වනවිට සැලකිය යුතු මට්ටමේ අවදානමක නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසා තිබේ.
එම ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා පවසා සිටියේ යම්කිසි අවදානම් තත්ත්වයක් මතු වුවහොත් වහාම ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු ගන්නා බවයි.
221 Views
Comments