හැටන් මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාවේ යන පිරිස අඩු වෙයි

ශ්‍රී පාද ස්ථානයට පැමිණෙන එරත්න මාර්ගයේ වෙළෙඳ සැලක් පවත්වාගෙන ගිය වැලිමඩ ප්‍රදේශයේ කාන්තාවක ලිස්ටීරියා බැක්ටීරියාව ආසාදනය වී මිය යෑමේ සිද්ධියෙන් පසු, පසුගිය සිකුරාදා මහජන පරීක්ෂකවරුන් විසින් එහි වෙළඳසැල්වලින් ආහාර සහ ජල සාම්පල ලබාගෙන ඒවා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතන වෙත ලබා දී ඇති අතර, එහි වාර්තාව ඉදිරි සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
මෙම සිදුවීමත් සමග මේ දිනවල හැටන් - නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව එම මග දෙපස වෙළෙදාම් කරන වෙළෙඳුන් ප්‍රකාශ කර තිබේ.
240 Views
Comments