විශේෂඥ වෛද්‍යවරුන් 2500ක් අලුතින් බඳවා ගැනීමේ සූදානමක්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින නිසා අලුතෙන් වෛද්‍යවරුන් දෙදහස් පන්සියයක් බඳවා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය.
සමහර ක්ෂේත්‍ර වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති බවද, මෙම බඳවා ගැනීමේ හේතුවෙන් ඉදිරියට වෛද්‍යවරුන්ගෙන් හිඟයක් ඇති නොවන බවද ලේකම්වරයා පවසා සිටියේය.
ඇතැම් වෛද්‍යවරුන් රට අතහැර ගොස් හා නිවාඩු දමා විදේශ ගත වී ඇති බවද සඳහන් කරන ලේකම්වරයා රජයේ වියදමින් විදේශ අධ්‍යාපනය හැදෑරීමට ගොස් නැවත මෙරටට නොපැමිණෙන අයට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් පවසා සිටියේය.
199 Views
Comments