ජනසෙත පෙරමුණේ සභාපතිගේ සුරතලාට වෙඩි තබා මරා දමලා

අරඹේපොල ගමන්වත්ත පිහිටි නිවසක සුරතලයට ඇති කරන ලද සුනඛයෙකුට අසල්වැසියකු වෙඩි තබා මරා දමා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොතුහැර පොලිසිය පවසයි. දේශපාලන පක්ෂයක් වූ ජනසෙත පෙරමුණේ සභාපතිවරයාගේ සුනඛයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බව වාර්තා වේ.
රාත්‍රී කාලයේ ගෙවත්තට පැමිණි වල් ඌරකු යැයි සිතා මෙම වෙඩි තැබීම සිදු කළ බවත්, සුනඛයකු බව දැන ගත්තේ නම් මෙම වෙඩි තැබීම සිදු නොකරන බවත් එම අසල්වැසි පුද්ගලයා පොලිසියට පවසා ඇතැයි ද වාර්තා වේ.
මරා දැමීමට යොදා ගත් බව කියන බෝර 12 වර්ගයේ ගිනි අවිය එම අසල්වැසි පුද්ගලයාට සිය වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ලබාදී තිබු ගිනි අවියක් බවත් ඒ සඳහා බලපත්‍රයක් තිබෙන බවත් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
287 Views
Comments