FEB
13
ජාත්‍යන්තර ගුවන් විදුලි දිනය අදයි

ජාත්‍යන්තර ගුවන් විදුලි දිනය අදට යෙදී තිබේ. රැහැන් රහිත විදුලි සංදේශ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1909 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය හිමිකරගත් ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි ගුවන් විදුලියේ නිර්මාතෘ වරයා ය.
යුනෙස්කෝ සංවිධානය මෙවර ලෝක ගුවන්විදුලි දිනයේ තේමාව ලෙස නම් කර ඇත්තේ ගුවන් විදුලිය සහ සාමය යි.
ශබ්දය විද්‍යුත් තරංග බවට පත්කරමින් රසිකයන් සහ ශ්‍රාවකයින් බිහි කරන ලද්දේ ගුවන් විදුලිය විසිනි. අන් සියලු මාධ්‍යන්ට වඩා තවමත් ශ්‍රාවකයන් අතර ඉහළ තැන රැඳී සිටින්නේ ගුවන් විදුලිය යි.
289 Views
Comments