ජුනි මාසයේ උද්ධමනය 54.6%කින් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

ජුනි මාසයේ උද්ධමනය 54.6%කින් ඉහලට

ජුනි මාසයේ උද්ධමනය  54.6%කින් ඉහලට

 

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ජුනි  වල උද්ධමනය 54.6%ක් දක්වා ඉහළගොස් ඇති බවට වාර්තා වේ.

 

 

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් නිසා මෙලෙස ජුනි මාසය තුළ 50% ඉක්මවා උද්ධමනය ඉහළ යාමට හේතුවී ඇති බව ශ්‍රි ලංකා මහ බැංකු සදහන් කරයි.

 

 

නිවේදනයක් නිකුත් කරමින් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය මෙම වසරේ මැයි මාසයේ 14.2 % ක්ව පැවති අගය  ජුනි මාසය අවසන් වන විට  18.4%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර මිල ගණන් ද ජූනි මාසය තුළ 80%කින් ඉහළගොස් ඇති බව යි.

 

 


 එමෙන්ම වැඩිදුරටත් ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවල මිල 42.4% කින් ඉහල ගොස් අති බව එම දෙපාර්තමේන්තුව සදහන් කළ සිටී.

views

309 Views

Comments

arrow-up