යන්නැත්තම් බලපත්‍ර ගන්න එපා -ආගමන විගමන දෙපාර්තමේන්තුව-
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

යන්නැත්තම් බලපත්‍ර ගන්න එපා -ආගමන විගමන දෙපාර්තමේන්තුව-

යන්නැත්තම් බලපත්‍ර ගන්න එපා -ආගමන විගමන දෙපාර්තමේන්තුව-

ගමන් බලපත්‍ර ලබාගත් සියයට අසූවක් තවමත් විදේශගත වී නොමැති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා.

 

ඒ අනුව ජනවාරියේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ ගමන් බලපත්‍ර ලක්ෂ හතරක් නිකුත් කර ඇති නමුත් තවමත් විදේශගත වී ඇත්තේ ඉන් හැත්තෑ දහසක් පමණක් වන බව ද ඔවුන් දන්වා සිටිනවා.

 

මේ දිනවල දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2400 වන අතර එක් දින සේවා යටතේ නිකුත් කරන බලපත්‍ර සංඛ්‍යාව 1000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අතර සාමාන්‍ය සේවය යටතේ ද බලපත්‍ර 800ක් පමණ  නිකුත් කෙරෙනවා.

 

කෙසේ වෙතත් අවශ්‍යතාවය නොමැතිනම් විදේශ ගමන් බලපත්‍ර සාදාගැනීමට උත්සුක නොවන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටිනවා.

views

289 Views

Comments

arrow-up