”ජීවත් වෙන එකත් ප්‍රශ්නයක් වෙලා” - මවක් කඳුළු සළමින් කී සංවේදී කථාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

”ජීවත් වෙන එකත් ප්‍රශ්නයක් වෙලා” - මවක් කඳුළු සළමින් කී සංවේදී කථාව

”ජීවත් වෙන එකත් ප්‍රශ්නයක් වෙලා” - මවක් කඳුළු සළමින් කී සංවේදී කථාව

“පාසලට ගෙනා දරුවා ආපහු එක්ක ගෙන එන්න ත්‍රිවීල් එකක් හොයා ගන්න විදිහක් නෑ. ත්‍රිවීල් තියෙන අය ඉන්ධන පෝළිම්වල. ළමයා හැමදාම පාසලට එක්ක යන ත්‍රිවීල් එකත් ආවෙ නෑ. ඒකත් ඉන්ධන පෝළිමේ.” 

 

තම දරුවා නිවසට ඇරලීමට හිඟු‍රක්ගොඩ, අක්කර හැත්තෑව මින්නේරිය ප්‍රාථමික පාසල අසලට පැමිණ සිටි මවක් ඊයේ(16) දහවල් හැඬු කඳුළින් කීවාය.

 

තම නම හෙළි නොකළ ඇය කියා සිටියේ උදෑසන දරුවා නිතිපතා පාසල් රැගෙන යන ත්‍රිරෝද රථය නොපැමිණි බැවින් තමා උදේ දරුවා වෙනත් ත්‍රිරෝද රථයක නංවා පාසලට යැවූ බවත් දහවල් 12ට දරුවා නැවත රැගෙන ඒමට වාහනයක් සොයා ගැනීමට නොහැකි වූ බවත්ය.

 

මේ අයුරින් තවදුරටත් කටයුතු කිරීම අපහසු බව පැවසූ ඇය වැඩි දුරටත් පැවසුවේ වගකිවයුත්තන් කන් කොන් අල්ලමින් සිටින්නේ නැතිව මෙම ප්‍රශ්නවලට 225දෙනාම එක්වී දැන්වත් රට බේරාගැනීමට පියවර ගත යුතුව බවය. 

 

නැතහොත් ඉතා භයංකර තත්ත්වයක් රටේ ඇතිවිය හැකි බවද ඇය වැඩිදුරටත් කීවාය.

views

333 Views

Comments

arrow-up