JUN
10
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජුනි 20 ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජූනි මස 20 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද(10) පැවැත්වුනු අතර එහිදී අග්‍රාමාත්‍යයවරයා පැවසූවේ මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිතයන් ලබන 20 වෙනිදා මෙරටට පැමිණීමට නියමිත බවයි.
ජුනි අවසන් වන විට මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.
614 Views
Comments