රෝහලෙන් ටිකට් කැපූ දුමින්ද නැවතත් අසනීප වී රෝහල් ගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

රෝහලෙන් ටිකට් කැපූ දුමින්ද නැවතත් අසනීප වී රෝහල් ගත කරයි

රෝහලෙන් ටිකට් කැපූ දුමින්ද නැවතත් අසනීප වී රෝහල් ගත කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහලෙන් නිදහස් කිරීමෙන් පසුව නැවතත් රෝහල් ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.


බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඉන්පසු ඔහු රෝහලෙන් නිදහස් කිරීමෙන් පසු නැවත අසනීප වීමෙන් රෝහල්ගත කර තිබේ.


මරණීය දණ්ඩනය නියම වීමෙන් පසුව සිරගත කර සිටි ඔහු ජනාධිපති සමාව යටතේ නිදහස් ලැබුවද එම එසේ නිදහස ලබාදුන් ක්‍රමවේදය සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කර ඇති පෙත්සම හේතුවෙන් එම ජනාධිපති සමාව තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇත.


ඒ අනුව ඔහු අත් අඩංගුවට ගෙන නැවත සිරගත කරන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබේ.

views

717 Views

Comments

arrow-up