ශ්‍රී ලාංකික පර්යේෂකයෙකුට ලෝකයේ ඉහළම සම්මානය

ස්වාභාවික විද්‍යා පිළිබඳ නොබෙල් ත්‍යාගය ලෙස ඉහළ පිළිගැනීමක් සහිත ‘ලීනියන් පදක්කම’ මෙවර ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු සහ උද්භිද සහ සත්ව විද්‍යාඥයෙකු වන ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතාට පිරිනමා තිබේ.
ලන්ඩනයේ ලීනියන් සමාජය මගින් ලෝකය පුරා විසිරී සිටින විශිෂ්ට උද්භිද විද්‍යාඥයන් සහ සත්ව විද්‍යාඥයන් වෙනුවෙන් 1888 වසරේ සිට වාර්ෂිකව පිරිනමන මෙම පදක්කම, ශ්‍රී ලාංකිකයෙකුට හිමිවූ පළමු අවස්ථාව මෙය යි.
ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතා මෙම පදක්කම දිනූ ආසියාවේ දෙවැන්නා බවට ද පත්ව තිබේ.
මෙරට මිරිදිය මතස්‍යයින් පිළිබඳ අධ්‍යයනය කර ඇති ඔහු උද්භිද විද්‍යාව සහ සත්ව විද්‍යාව ආශ්‍රිත ග්‍රන්ථ සහ ලේඛන රැසක් රචනා කර ඇති විශිෂ්ට පර්යේෂකයෙකි.
1184 Views
Comments