පැය 10ක් තෙල් පෝලිමේ සිට දරුවන් පාසලට දාන්න නිවසට එමින් සිටි සිව්දරු පියා බසයට බිලිවෙයි

ආණමඩුව සමුපකාර ඉන්ධන පිරවුම්හලින් තම යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීමට පැය 10කට ආසන්න කාලයක් ඉන්ධන පෝලිමේ රැඳී සිට උදෑසන දරුවන් පාසලට ඇරලවීමට යෑම සඳහා ඉන්ධන පෝලිමෙන් ඉවත්ව නිවසට එන අතරතුරදී සිදුවූ අනතුරකින් සිව්දරු පියෙකු මියගොස් ඇත.
ඊයේ(16) අලුයම මෙම අනතුර සිදුව තිබේ.
මෙලෙස මරණයට පත්ව තිබෙන්නේ ආණමඩුව මහඋස්වැව එච් 8 ගම්මානයේ පදිංචිව සිටි 37 හැවිරිදි ප්‍රසිද්ධ සංගීත ප්‍රසංග නිවේදකයෙකු වන අජිත් නවගත්තේගම නමින් හැඳින් වූ අජිත් ජයසිංහ නමැති පුද්ගලයෙකි.
නිකවැරටිය ප්‍රදේශයේ කොහු මෝලක ශ්‍රමික කාන්තාවන් ප්‍රවාහනය කරන බස් රථයක් ආණමඩුව නවගත්තේගම ප්‍රධාන මාර්ගයේ ලබුගල ප්‍රදේශයේදී අතුරු මාර්ගයක සිට අපරික්‍ෂාකාරී අයුරින් ප්‍රධාන මාර්ගයට පසුපසට ධාවනය කරන අවස්ථාවේ යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
මරණයට පත් සිව් දරු පියාගේ පාර්ශ්වයෙන් චෝදනා නගන්නේ බස්රථයේ ගැටී බරපතළ තුවාල ලබා සිටියදී තුවාලකරු එම ස්ථානයේම දමා බස් රථයේ රියැදුරු යතුරුපැදියක නැගී ආණමඩුව පොලිසියට ගොස් ඇති බවයි.
බරපතළ තුවාල ලබා සිටි අය ආණමඩුව රෝහලට ගෙන යන අතරතුරදී මරණයට පත්ව තිබේ.
අනතුර සම්බන්ධයෙන් අපරික්‍ෂාකාරී හා අනතුරුදායක ලෙස රිය පැදවීමේ චෝදනාවට බස්රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
354 Views
Comments