දරුවන්ගේ කුසගින්න දරාගත නොහැකිව විෂ කෑ මවට අසාධ්‍යයි - ජීවිතය බේරීමට වෛද්‍යවරුන් දැඩි සටනක
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

දරුවන්ගේ කුසගින්න දරාගත නොහැකිව විෂ කෑ මවට අසාධ්‍යයි - ජීවිතය බේරීමට වෛද්‍යවරුන් දැඩි සටනක

දරුවන්ගේ කුසගින්න දරාගත නොහැකිව විෂ කෑ මවට අසාධ්‍යයි - ජීවිතය බේරීමට වෛද්‍යවරුන් දැඩි සටනක

කිසිදු ආහාරයක් සපයා ගත නොහැකිව අසීමිත කුසගින්නට තම දරුවන් දින 03ක් ඇල් ජලය පමණක් පානය කිරීම ඉවසාගනු නොහැකිව සිය දිවිතොර කර ගැනීමේ අභිලාෂයෙන් මාරාන්තික විෂ අඩංගු කනේරු ඇට කෑ තරුණ මවක් අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

 

අසාධ්‍ය තත්ත්වයෙන් පසු වුවත් ඇයගේ ජීවිතය රැකදීමේ හැකියාව ඇතැයි පැවසූ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යය පාලිත රාජපක්‍ෂ මහතා දරුවන් වෙනුවෙන් එම පවුලට ආහාර ද්‍රව්‍ය සපයාදීම ඉතා අත්‍යවශ්‍ය කාර්යයක් වී ඇති බව කියා සිටයේය.

 

වැල්ලවාය ග්‍රාමීය ප්‍රදේශයක ජීවත්වන එම පවුලේ 44 හැවිරිදි පියාට සහ මෙකී මවට වයස අවුරුදු නවය, අට සහ හතර යන වයස්වල දියණියෝ තිදෙනෙක් සිටිති.

 

මොවුන්ට ස්ථිර රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති තත්ත්වය මත පසුගිය දිනවල කෑමට යමක් සොයාගැනීමට අසීරු වී තිබේ.

 

මෙම පවුලට උදව් උපකාර කිරීමට කෙනෙකු ඉදිරිපත් වන්නේ නම් පියාගේ දුරකථන අංකය 076-1040036ට අමතා සම්බන්ධ විය හැකිය.

views

660 Views

Comments

arrow-up