“ඇයි අම්මේ මට මෙහෙම කළේ..” - පස් හැවිරිදි සිඟිති පුතු ගඟට දමා දිවිනසා ගැනීමට ගිය මව රිමාන්ඩ්

මවක් තම පස්හැවිරිදි දරුවා කැලණි ගඟට දමා ඇයද ගඟට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ අසල්වාසීන් විසින් ඇය අල්ලාගෙන පෙරේදා(15) රාත්‍රී වත්තල පොලිසියට භාරදී තිබේ.
මව විසින් ගඟට දැමූ සස්මික ප්‍රභාෂ්වර නම් පස් හැවිරිදි පිරිමි දරුවාගේ සිරුර ඊයේ(16) සවස වනවිටත් හවුවී නොතිබූ අතර නාවික හමුදාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිරුර සොයා මෙහෙයුම් ආරම්භ කර තිබිණි.
හැඳල සහ මට්ටක්කුලිය අතර පාලමෙන් තම දරුවා කැලණි ගඟට දමා ඇති මෙම කාන්තාව ගඟට පැනීමට උත්සාහ කළ අවස්ථාවේදී අසල්වාසීන් ඇයව අල්ලාගෙන ආසන්න පොලිස් මුරපළේ නිලධාරීන්ට භාරදී ඇත.
මෙම කාන්තාවගේ සැමියා ජීවතුන් අතර නොමැති අතර ඇයට වැඩිමහල් දියණියක් සහ පුත්‍රයෙකුද සිටින බව අනාවරණය වී තිබේ.
සැමියා මියයෑමෙන් අනතුරුව මෙම කාන්තාව තම කුඩා දරුවා සමග ජීවිකාව ගෙනගොස් ඇතත් ඇයගේ උකුලේ ආබාධයක් පැවතීම හේතුවෙන් දැඩි ලෙස අසරණව සිට ඇතැයි හෙළිවී ඇත.
වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම කාන්තාව ඊයේ (16) සවස වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 30 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
518 Views
Comments