JUN
10
වන අලි පහරදීමකින් තිදරු පියෙක් අවසන් ගමන් යයි

කොටවෙහෙර, ගිරිල්ල, නාවාන ප්‍රදේශයේදී සිදුවූ වල්අලි ප්‍රහාරයකින් 75 හැවිරදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි ගිරිල්ල පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව තිබෙන්නේ නාවාන, සිරිසෙතගම ලිපිනයේ පදිංචිව සිටි තිදරු පියෙකු හා වරාය විශ්‍රාමික නිලධාරීයෙකු වන තිලකරත්න වනිගසිංහ නැමති අයෙකි.
වල්අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි මෙම පුද්ගලයා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බවද පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ගිරිල්ල පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
616 Views
Comments