JUN
03
පයාගල මුහුදු වෙරළට ගොඩ ගැසූ මළ සිරුර

පයාගල මුහුදු වෙරළට පුද්ගල මළසිරුරක් අද(03) උදෑසන ගොඩගසා ඇතැයි පයාගල පොලිසිය කියයි.
දකුණු පයාගල මුහුදු වෙරළට මළසිරුර ගොඩ ගසා ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පරීක්ෂණ අරඹා ඇත.
ජීවිතක්‍ෂයට පත්වූ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති බවත්, ඔහු දින කිහිපයකට පෙර මියයන්නට ඇතැයි විශ්වාස කරන බවත් පොලිසිය කියයි.
පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
695 Views
Comments