හොරාට කපන විදුලිය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

හොරාට කපන විදුලිය

හොරාට කපන විදුලිය

සාමාන්‍යපෙළ විභාගය නිසා එම සිසුන්ට සහය දැක්වීමේ අරමුණින් විදුලි කප්පාදුව සීමා කළද එම සීමා සහිත කප්පාදු කාල සීමාව උල්ලංඝනය කරමින් ඇතැම් ප්‍රදේශවල විටින් විට විදුලි කප්පාදු කිරීම් සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වේ.

 

මීට පෙර මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේ සහ පස්වරු 6.30 පසු විදුලි කප්පාදුව සිදු නොකරන බවයි.

 

කෙසේ නමුත් මෙම වේලාවන්ට ඇතැම් ප්‍රදේශවල විදුලි බිදවැටීම් සිදු වන බව ජනතාව මැසිවිලි නඟනවා.

 

දෛනික විදුලි කප්පාව ඊයේ(26) දිනයේද පැය 2 විනාඩි 15 කට සීමා වී තිබුණද ඇතැම් ප්‍රදේශවල හදිසියේ කෙටි කාල සීමාවකට විදුලි විසන්ධි වීම් වාර්තා තිබෙනවා.

 

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් සහ උප පොළවල් වලින් ජනතාව විමසු විට එම විදුලි නිළධාරීන් දන්වා ඇත්තේ මෙය හදිසි විදුලි බිද වැටිමක් බවයි පසු ගිය දින පුරාම මෙවැනි සිද්ධි වාර්තා වී ඇති අතර නොසිතූ වේලාවන්ට මෙලෙස විදුලි කප්පාදුව සිදු වීම හේතුවෙන් ජනතාව දැඩි සේ අපහසුතාවටද පත්ව තිබෙනවා

views

600 Views

Comments

arrow-up