ලංකාවේ දැනට ඇති තෙල් සංචිත ටික හරියටම මෙන්න

අද පෙරවරු 8.30 වන විට ලබා ගත් දත්තවලට අනුව් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 42,750 සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 6579 ක් පවතින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඔහු කියා සිටින්නේ ඩීසල් මෙට්‍රික්ටොන් 20,598 ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික්ටොන් 1778 ක් සංස්ථාව සතුව ඇති බවයි.
ගුවන් යානා ඉන්ධන මෙට්‍රික්ටොන් 3104 ක් තෙල් සංස්ථාව සතු බවත් ඉදිරියේදී ගුවන් යානා ඉන්ධන තොගයක් මෙරටට ලබා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිනවා.
581 Views
Comments